ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින තරඟය අදයි

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින තරඟය අද කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතයි.

අද (27) ශ්‍රී ලංකා වේලාවන් පස්වරු 3.30ට ආරම්භ වන අතර පළමු එක්දින තරඟය දිවා, රාත්‍රි තරඟයක් ලෙස පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙලෙස පාකිස්තානයත් සමඟ තරඟ බිමට පිවිසෙන්නේ 2009 මාර්තු 3 වන දා මෙරට ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගෙන ලාහොර්හිදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ 03 කට සහ විස්සයි විස්ස තරඟ 03 කට එක්වෙයි.

එක්දින තරඟ කරච්චි නුවරදී සහ විස්සයි විස්ස තරඟ ලාහෝර් නුවරදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා

Mohamed Dilsad

සංගා සහ මහේලගේ සිතුවම් ලෝර්ඩ්ස්හි ප්‍රදර්ශනයට

Mohamed Dilsad

ජර්මනියේ බුන්ඩස්ලීගා පාපන්දු තරඟ ඇරඹීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment