විදෙස්

මැලේසියාවෙන් විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය සොයාගනී

(UTV| කොළඹ) – දකුණු ඇමරිකාවේ සිට රැගෙන ආ ටොන් 12ක කොකේන් තොගයක් මැලේසියාවේ පොලීසිය සිය භාරයට ගැනීමට සමත් වී තිබේ.

ගල් අඟුරු හා මිශ්‍ර කොට බහාලූම් තුනක අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 575කට අධික බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය විශ්වාස කරන්නේ මෙම කොකේන් තොගය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමට සැලසුම් කර තිබූ බවයි

මෙය මැලේසියාවෙන් සොයා ගැනුණු විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රැජිනගේ අභාවයෙන් පසු ලොව පුරා ප්‍රභූ නීතිඥයන් රැසකට තනතුරු අහිමි වෙයි

Mohamed Dilsad

ආදායම පහළ යාම නිසා රාජ්‍ය සේවකයින්ගේ වැටුප 25% කින් කපයි

Mohamed Dilsad

ලොව පුරා කොවිඩ් 19 ආසාදිත පිරිස විසි අට ලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment