ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගෙන් ප්‍රශ්න කිරීමට ගත් උත්සහයක් වරදී

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙසට කොළඹ අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපතිවරණ සමයට අදාළව සිවිල් සංවිධාන නියෝජිතයෙකු වන ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක විමර්ශන සම්බන්ධයෙන් කරුණු දක්වමින් කොළඹ අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් විසින් මෙම ඉල්ලීම කර ඇත.

ඒ අනුව 2005 වර්ෂයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඇමෙරිකානු පුරවැසියෙකුව සිටිමින් ලංකාවේ දේශපාලන කටයුතු වල නියැලීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස අපරාධ විමර්ශන කොට්ටාශය ඉල්ලා තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීතිය ඔහු විසින් උල්ලංඝනය කර ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරමින් මෙම ඉල්ලීම කර ඇති අතර,කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීමට ජනපති එක්වෙයි

Mohamed Dilsad

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

නව භාරකාර ආණ්ඩුව පත් කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment