ප්‍රමුඛ පුවත 1

ජාතික ඕසෝන් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත් වුණි.

අදට යෙදී ඇති ජාත්‍යන්තර ඕසෝන් දිනය හා මොන්ටි්‍රයෙල් සන්ධානයේ 32 වන සංවත්සරයට සමගාමීව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සැමරුම් උලෙළ සංවිධානය කර තිබිණි.

මේ හා සමගාමී ව ඉදිරිපත් කෙරුණු “වායු දූෂණය” පිළිබඳ පෝස්ටර් නිර්මාණ ප්‍රදර්ශනය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

මෙම උත්සවයේ විද්වත් දේශනය “මොන්ට්‍රියල් සන්ධානයට සිදු කරන ලද කිගාලි සංශෝධනය සහ දේශගුණික විපර්යාස වැලැක්වීම සඳහා එයින් ලබාදෙන දායකත්වය” යන මැයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය කේ.කේ.සී.කේ පෙරේරා මහතා විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකාව මොන්ටි්‍රයල් සන්ධානයේ පාර්ශ්වකරුවකු වීමේ 30වන සංවත්සරය සනිටුහන් කරමින් සමරු මුද්දර කවරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.

“වායු දූෂණය අවම කිරීම” තේමා කර ගනිමින් පාසල් දරුවන් අතර පැවති තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතික පත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

විශ්වවිද්‍යාල හා තාක්ෂණික විද්‍යාල වෙත පරිසර හිතකාමී උපකරණ ප්‍රදානය සහ රේගු බලාත්මක නිලධාරින් සඳහා ගෝලීය මොන්ටි්‍රයල් සන්ධාන සම්මාන ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ මැතිවරණයේ වියදම මිලියන 7000 කට ආසන්නයි

Mohamed Dilsad

“සොත්ති උපාලි”ගේ පුත්‍රයා අත්අඩංගුවට…

Mohamed Dilsad

සේනා යළිත් කරලියට

Mohamed Dilsad

Leave a Comment