ප්‍රමුඛ පුවත 1

ශ්‍රී.ලං.නි.පයේ පස්දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂවලට සහය දැක්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5දෙනාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර තිබේ.

එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කෙළේ එම චෝදනා පත්‍ර ඉදිරියේදී යොමු කරන බවයි.

මෙලෙස පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක යන මහත්වරුන්ගේ හා පොදුජන පෙරමුණට සහය දක්වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ය.

පක්ෂ සාමාජිකත්වය තහනම් කළ සෙසු මන්ත්‍රීවරුන් දෙදෙනා වන්නේ, එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන විජිත් විජයමුණි සොයිසා හා ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන් වෙයි.

පක්ෂයට අගතියක් සිදුකරන ක්‍රියාවලින්ට සම්බන්ධ සියලු පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව, අද (14) මාතලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා රෝගයෙන් සුවය ලැබූ පිරිස 104 දක්වා ඉහළට

Mohamed Dilsad

රට වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙනවා [VIDEO]

Mohamed Dilsad

පාකිස්තානය භාරයේ සිටි ලාංකික ධීවරයින් නිදහස්

Mohamed Dilsad

Leave a Comment