ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය පැවැත්වීමේ බලතල සැප්තැම්බර් 15 සිට කොමිසමට

(UTV| කොළඹ) -මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමේ බලතල සැප්තැම්බර් 15 වැනිදා සිට ජාතික මැතිවරණ කොමිසමට හිමි වන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි .

ඔහු මේ බව පැවසුවේ ඉදිරි මැතිවරණය සම්බධයෙන් ඊයේ පැවති සාකච්ඡා අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් බව පිළිගත් දේශපාලන පක්ෂ 17ක් මේ වන විට ලිඛිතව සහ දුරකථන මාර්ගයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කර ඇති බව සභාපතිවරයා පවසයි.

මේ අතර  නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා භාවිත කෙරෙන්නේ 2018 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය බවද මහින්ද දේශප්‍රිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

Related posts

“මහා සූපවංශය” ඉංගී‍්‍රසි පරිවර්තනය එළිදැක්වීම ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්ධන මිල සුත්‍රය දිගටම ක්‍රියාත්මක වන බව රජය කියයි

Mohamed Dilsad

Leave a Comment