ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව කල් තබයි

(උදයම්,කොළඹ)  –  පාර්ලිමේන්තුව හෙට දිනට කල් තබයි.

ඒ ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ කාලය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම් වචන හුවමාරු හා නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙනි.

ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින්  විනාඩි 30ක කාලයක් කථානායකවරයා විසින් ලබාදී තිබුණි.

එම කාලය ප්‍රමාණවත් නොවන බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඝෝෂා කරමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.

ඒ අනුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හෙට දිනයට කල්තැබීමට තීරණය කළේය.

Related posts

ගිවිසුමට අද අත්සන් කළහොත් හෙට සිට වතුකම්කරුවන් වර්ජනයේ

Mohamed Dilsad

පක්ෂ දෙකක් එකතු වී වැඩ කිරීම අසීරු දෙයක් – අගමැති

Mohamed Dilsad

පොළොන්නරුවේ යතුරුපැදි අනතුරකින් සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment