ප්‍රමුඛ පුවත 1

නාවික හමුදාව විසින් ආපදාවට පත් ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු බේරා ගැනේ [video]

(UTV| කොළඹ) – නාවික හමුදාව විසින් යාපනය, කච්චතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් හතර දෙනෙකු බේරා ගැනීමට සමත් විය. 

ඒ අනුව උතුරු නාවික විධානය විසින් මුර සංචාරය සඳහා යොදවා තිබූ නාවික යාත්‍රාවක් මගින් මුහුදේ පාවෙමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ක්ෂණිකව ක්‍රියාත්මක වී ඔවුනට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ඉදිරිපත් වී ඇත.

මෙලෙස ආපදාවට පත් ට්‍රෝලර් යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් හතරදෙනා වයස අවුරුදු 37 ත් 60 ත් අතර වියෙහි පසුවන ඉන්දීයානුවන් වන අතර, ඉදිරි කටයුතු සඳහා ඉන්දීයානු ධීවරයන් හතරදෙනා සහ ට්‍රෝලර් යාත්‍රාව යාපනය, ධිවර පරික්ෂක වෙත භාරදී තිබේ.

නාවික හමුදාව විසින් මෙලෙස මෙලෙස අප මුහුදු සීමාව තුළ අපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාව වෙත අවෂ්‍ය සහන සැලසිමට අවශ්‍ය සහන සැලසීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පස්වන ණය වාරිකය නිදහස් කරන්න IMF අනුමැතිය

Mohamed Dilsad

ගෝඨාභයගෙන් මෝදිට ඇරයුමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන පුටු 2ක් හිස් වෙයි

Mohamed Dilsad

Leave a Comment