ප්‍රමුඛ පුවත 1

ලබන මස සිට දීපව්‍යාප්තව නීති විරෝධී මත්ද්‍රව්‍ය මැඩලීම්

(UTV | කොළඹ) – නීති විරෝධී මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩසටහනේ තවත් සුවිශේෂි පියවරක් ලබන මාසයේදී දිපව්‍යාප්තව ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (30) යාපනයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සදහන්කර සිටියේය.

පසුගිය යුද සමයේදී ආරක්ෂක අංශ වෙත පවරාගත් ඉඩම් නැවත ජනතාවට ලබාදීමට ක්‍රියාකළ බවත් , එම ඉඩම්වලින් 95 % ක් දැන් නිදහස් කර ඇති බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් ඉතිරි ඉඩම් ප්‍රමාණය ලබන මාසය වනවිට සම්පූර්ණයෙන් නිදහස් කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

තමා උතුරට මෙන්ම රටටම ප්‍රජාතන්ත්‍රවාදය , නිදහස සහ සාමය ලබාදී ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

මෙහිදී උතුරේ ජනතාව වෙනුවෙන් තවත් ප්‍රතිලාභ රැසක් බෙදාදීම ජනාධිපතිතුමා අතින් සංකේතවත්ව සිදු කෙරුනි. වකුගඩු නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සම්බන්ධිකරණයෙන් නාවික හමුදාව කන්නකි අම්මාන් කෝවිලේ ඉදිකළ ප්‍රතිඅශ්‍රැතකරණ ජල පද්ධතිය ජනතා අයිතියට පැවරීම සහ කිලිනොච්චිය කලාප අධ්‍යාපන කාර්යාලය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම සිදුකරනු ලැබුවේද ජනපතිතුමා විසින්.

Related posts

දෙදින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

සීනි සමාගම් පුද්ගලීකරණය කිරීමට එරෙහිව විරෝධතාවයක්

Mohamed Dilsad

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිම තහවුරු කරමින් තොරතුරු නිලධාරී පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment