ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂගේ නඩුවට අද දුන් තීන්දුව

(UTV|කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ඔක්තෝම්බර් මස 15 වන දා සිට දින පතා විභාගයට ගැනීමට අද ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.

මැදමුලන, ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 දශම 9ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව දී අද මහාධිකරණයේදී විභාගයට ගැනුණි.

මෙම නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ උදෑසන 9.30ට පමණ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට පැමිණියේය.

පසුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වන  සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරුවන් හමුවේ මෙම නඩුව සලකා බැලුණි.

එහිදී  නියම කෙරුණේ  මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ඔක්තෝම්බර් 15 සිට අඛණ්ඩව විභාගයට ගැනීමටය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව කැළණි පාලමේ ඉදිකිරීම් වලින් සීයයට 30 ක වැඩ අවසන්..

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ තීරණය හෙට – ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

“පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් හෙට ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment