ප්‍රමුඛ පුවත 1

හංවැල්ලේ ඝාතනයට අංගොඩ ලොක්කාගේ සගයන් තිදෙනෙක් අල්ලයි

(UTV | කොළඹ) – පසුගිය 25 වනදා හංවැල්ල – පහත්ගම ප්‍රදේශයේ නිවසක් තුළ ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ රියදුරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදේශගතව සිටින ‘අංගොඩ ලොක්කා’ගේ සමීපතම සගයන් තිදෙනෙකු අද (29) අංගොඩ මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සදහන් කරයි.

එම සැකකරුවන් සමග ඝාතනය සිදු වූ දින ව්‍යාපාරිකයාට තර්ජනය කිරීමට යොදාගත් ජංගම දුරකථනය, සිම්පත් දෙකක්, හැඳුනුම්පතක් සහ යතුරුපැදියක්ද පොලිසිය බාරයට ගෙන ඇත.

ජීවිතක්ෂයට පත්වූ ව්‍යාපාරිකයා කඩුවෙල – අවිස්සාවේල්ල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පස් කපා අලෙවි කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන යන අතර, අංගොඩ ලොක්කාද පුද්ගලයින් යොදවා මෙම ව්‍යාපාරය සිදුකරන බවට තොරතුරු වාර්තා වෙයි.

ඒ අනුව පස් කපා අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මූලික කරගනිමින් මෙම ඝාතන සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

 

Related posts

වසර අවසන්වීමට පෙර ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් – නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ

Mohamed Dilsad

ලොකු ලූණු ආනයනයට සීමා

Mohamed Dilsad

ජාතික සමගිය සහ සහජීවනය වැඩිදියුණු කිරීමේ අමුළුව අම්පාරේදී

Mohamed Dilsad

Leave a Comment