විදෙස්

ඇමසන් ගින්න නිවන්න බොලීවියාවේ ලොව විශාලතම ගුවන් යානය පැමිණෙයි

(UTV| බොලීවියාව ) – ඇමසන් ගිනි දලු නිවීමට බොලීවියාවේ ආරාධනයෙන් ලොව විශාලතම ජලය ගෙනයන සුපර් ටෑන්කර් ගුවන් යානය පැමිණ තිබේ .

බෝයිං 747 වර්ගයේ ඇන්ජින් 4ක විශාල ජම්බෝ යානාවක් තුළ සවි කළ විශාල ධාරිතාවකින් යුතු ජල ටැංකි පද්ධතියකින් සමන්විත

මෙම යානාව දැනට ලොව ඇති විශාලතම ගිනි නිවීමේ ගුවන් යානාව වන අතර බෝයිං 747 වර්ගයේ ඇන්ජින් 4ක විශාල ජම්බෝ යානාවක් තුළ සවි කළ විශාල ධාරිතාවකින් යුතු ජල ටැංකි පද්ධතියකින් සමන්විත වෙයි.

ඇමරිකාවේ එවර්ග්‍රීන් ගුවන් සමාගම සතුව ඇති මෙම යානාවට පෙර තිබූ තවත් පැරණි ටෑන්කර් යානා දෙකක් විශ්‍රාම ගන්වා තිබේ.

මෙම යානාව මගින් වරකට රැගෙන යා හැකි ජල පරිමාව ලීටර් 70,000 කි.

මෙය ඕනෑම ගිනිගන්නා ස්ථානයකට පහසුවෙන් ලඟා වී ගුවනින් ජලය හැලීමට හැකිවන පරිදි මෙම යානාව නිපදවා ඇත.

මෙම යානාවේ ගුවන් නියමුවරයා සාමාන්‍ය නියමුවරයෙක්ට වඩා විශේෂ රාජකාරි කිහිපයක් කරනු ලබන අතර යානාව ඉතාම පහතින් ගමන් කරවමින් අදාල ස්ථානයට ඉලක්ක කර ජල ප්‍රහාරය එල්ල කිරීම ඔහු විසින් ඉටු කරයි .

මේ දිනවල ඇමසන් වනයේ ඇවිලී තිබෙන ගින්න නිවීමට බොලීවියාව විසින් මෙම යානාව එවර්ගීන් ගුවන් සමාගමෙන් කුළියට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජීව් ගාන්ධිගේ ඝාතකයන්ට රැකවරණ ලබාදුන් ජේ.රංගනාත් නැමැත්තා මියයයි

Mohamed Dilsad

ඇන්ජෙලා මර්කල් මහත්මිය සිව් වන වරටත් ජර්මනියේ චාන්සලර්වරිය වෙයි

Mohamed Dilsad

නවසීලන්තයේ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment