ප්‍රමුඛ පුවත 1

වාහන තදබදය දිනකට බිලියනයක් අහිමි කරයි

(UTV | කොළඹ) –  මාර්ග තදබදය හේතුවෙන් දිනකට රුපියල් බිලිනයක පමණ පාඩුවක් සිදුවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා සදහන් කළේය.

කොළඹ වාණිජ නගරය කේන්ද්‍ර කර ගනිමින් බොහෝ ආයතන ස්ථාපිතවීම සහ පෞද්ගලික වාහන භාවිතය ඉහලයාම මාර්ග තදබදය ඇතිවීමට ප්‍රධාන හේතුව වෙයි.

වාහන තදබදය හේතුවෙන් දහනය වන ඉන්ධන හා වැඩකළ හැකි මිනිස් පැය ප්‍රමාණය අපතේ යාමෙන් මෙම පාඩුව සිදුවන බවත් වෛද්‍යරත්න මහතා පෙන්වා දුන්නේය.

කොළඹ නගරය ආශ්‍රිතව පවතින මාර්ග තදබදය අවම කිරීම සදහා සැහැල්ලු දුම්රිය සේවා සහ අභ්‍යන්තර ජලාශ ආශ්‍රිත ප්‍රවාහන සේවා දියුණු කිරීමට පියවර ගෙන තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

රජයේ මුද්‍රණාලයට පොලිසියෙන් ආරක්‍ෂාව

Mohamed Dilsad

මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක සැකපිට අත්අඩංගුවට

Mohamed Dilsad

නව ජනපති වැඩ බාර ගැනීමේ උත්සවය ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment