ප්‍රමුඛ පුවත 1

ලොව උසම තැනක නම් රැන්දු ශ්‍රී ලාංකික තරුණයෙක් මව් බිමට(ඡායාරූප)

(UTV| කොළඹ) – අප්‍රිකානු මහාද්වීපයේ ටැන්සානියාවේ පිහිටි කිලිමැන්ජාරෝ කදුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද  දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

කිලිමැන්ජාරෝ කදුවැටිය ලෝකයේ හුදෙකලාව පිහිටි උසම ශේෂ කන්දයි.එසේම අප්‍රිකානු මහාද්වීපයේ ඇති උසම කන්ද ද වේ.

මෙම කදුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයන් වන 33 හැවිරිදි රංග මධුපත්ම ගගබඩආරච්චි සහ 36 හැවිරිදි සුදම් ගමගේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුන් දෙදෙනෙකි.

රංග දැනට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරත් සුදම් එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරත් වෘත්තීය ගණකාධිකාරිවරුන් ලෙස සේවය කරමින් සිටි.

මෙම කදු තරණයෙන් පසු යළි සියරට පැමිණි රංග මධුපත්ම 8/23 දින අලුයම 1.10 ට ඩුබායි සිට පැමිණි ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඔහු පිළිගැනීම සදහා සිය දෙමාපියන් ඇතුළු ඥාතී – හිතවතුන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

අමාත්‍යාංශ හතරක විශේෂ කාරක සභා වර්තා සළකා බැලීමේ විවාදය අද

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියෙන් දුම්රිය වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment