ප්‍රමුඛ පුවත 1

2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම අදින් ඇරඹේ

(UTV| කොළඹ) – 2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කිරීම අද(23) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නාමලේඛන 2 ක් ප්‍රදර්ශනයට තබා ඇති බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති සහ ඉවත් කර ඇති නම් පිළිබඳව එහි සඳහන් වන බවයි.

කිසියම් පුද්ගලයෙකුගේ නමක් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් වී නොමැති නම් ඒ පිළිබඳව අභියාචනයක් ගොණු කිරීමට අවස්ථාව  ඇති අතර ඡන්ද හිමි නාමලේඛණය සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ද හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපය ශක්තිමත් විපක්ෂයක් ලෙස ඉදිරියේදී කටයුතු කරනවා [VIDEO]

Mohamed Dilsad

අවුරුදු සමයේ අනතුරුවලට ලක්වුවන් ප්‍රතිකාර ලබාගත් සංක්‍යාව ඉහලට…

Mohamed Dilsad

ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ගැසට් කිරීම ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment