ප්‍රමුඛ පුවත 1

වෙන්නප්පුව එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය යලි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු, සහ ඇගේ වැඩිමහල් සහෝදරිය මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සැකකරුවන් අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කෙරුණේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරියගේ පියා සහ ඇගේ බාල සහෝදරිය ඇප මත මුදා හැරීමටයි.

අදාළ මන්ත්‍රීවරියගේ බාල සහෝදරිය රියදුරු බලපත්‍රය  සහ අනෙකුත් බලපත්‍ර නොමැතිව අධික වේගයෙන් යතුරුපැදියකින් යමින් සිටියදී පෙරේදා රාත්‍රියේ පොලිසිය අත්අඩංගුවට ගත් අතර, පසුව එහි පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය ඇයගේ පියා සහ වැඩිමහල් සහෝදරිය වෙන්නප්පුව – සීනෝර් මං සන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් මොවුන්ව අත්අඩංගුවට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසැල්වල අතර මැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීමට අවස්ථාව

Mohamed Dilsad

ගව ඝාතනය තහනම් කරනවා – සීලරතන හිමි [VIDEO]

Mohamed Dilsad

දුම්රිය වර්ජනය පසු දුම්රිය ධාවනය යලි යථා තත්වයට

Mohamed Dilsad

Leave a Comment