ප්‍රමුඛ පුවත 1

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදයි

(UTV| කොළඹ) – නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (14) යෙදී තිබේ.

ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් නිකිණි පුර පසළොස්වක පොහෝදිනය බෞද්ධයින්ට වැදගත් වී ඇති අතර ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදු කරති.

මෙම පොහෝ දිනය අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ දිනය ලෙස ද සළකනූ ලබයි.

බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය ඉදිකිරීම, ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම ආදී වැදගත් සිදු වීම් රැසක් ශාසන ඉතිහාසයෙන් වාර්තා වෙයි.

එමෙන් ම අද දින ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ ද විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැල්ලම්පිටිය තඹ කම්හලේ කරුපයියා රාජේන්ද්‍රන් යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

සමජ මාධ්‍ය ජාල හරහා පැතිර යන නව වෛරසය ගැන ඔබ දැනුවත්ද?

Mohamed Dilsad

ගතවූ දින 25 ට ඩෙංගු රෝගීන් 3708ක්.

Mohamed Dilsad

Leave a Comment