විදෙස්

රුසියාවේ පිපිරීමෙන් 11ක් මරුට

(උදයම්, කොළඹ) – රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර දුම්රිය ස්ථාන දෙකක් අතර සිටුවූ පිපිරීමෙන් අවම තරමින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

රුසියාවේ ජාතික ත්‍රස්ත මර්දන කමිටුවේ ප්‍රධානියා පැවසුවේ සෙන්නයා ප්ලෝස්චාඩ් සහ ටෙක්නොලොගිචේස්කි දුම්රිය ස්ථාන අතරදී දුම්රියක පිපිරීම සිදුවූ බවය.

මුලින් වාර්තා වුයේ දුම්රිය ස්ථාන දෙකෙහි වෙන වෙනම පිපිරීම් සිදුවී ඇති බවය.

පිපිරීමෙන් කුඩා දරුවන් ද ඇතුළුව අවම තරමින් 50 දෙනෙකුවත් තුවාල ලබා ඇති බව වාර්තා වේ. “හඳුනා නොගත් පුපුරන යමක්” නිසා එම පිපිරීම සිදුවී ඇති බව රුසියානු ජාතික ත්‍රස්ත මර්දන කමිටුවේ ප්‍රධානී පැවසීය.

ජනාධිපති ව්ලද්මීර් පුතින් ද අද දිනයේදී ශාන්ත පීටර්ස්බර්ග් නුවර දී බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්දර් ලුකශේන්කෝ සමග සාකච්ඡාවක යේදී සිටියත් ඔහු ඉන් පිටත්ව ගොස් ඇති බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශක ද්මිත්‍රි පෙස්කොෆ් කියා සිටියේය.

සිද්ධියෙන් අනතුරුව ශාන්ත පීටර්ස්බර්ග් නුවර උමං දුම්රිය පද්ධතිය වසා දැමු අතර මොස්කව් නුවර උමං දුම්රිය (Metro) බලධාරීන් පැවසුවේ අමතර ආරක්ෂක පියවර යොදවන බවය.

Related posts

බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

Mohamed Dilsad

ලංකාවේ සංචාරයකට බංග්ලාදේශ අගමැතිනියට ආරාධනා

Mohamed Dilsad

කසකස්ථානයේ අගනුවර නම වෙනස් වෙයි

Mohamed Dilsad

Leave a Comment