ප්‍රමුඛ පුවත 1

හක් බෙල්ලන් 388 ක් නාවික හමුදා භාරයට

(UTV|පුදුමාතලන්) – නාවික හමුදාව විසින් පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හක් බෙල්ලන් 388 ක් සොයා ගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව නැගෙනහිර නාවික විධානය විසින් සිදු කල සෝදිසි කිරීමකදී පුදුමාතලන් ප්‍රදේශයේ ධීවර වාඩියක් අසල වැලි යට සඟවා තිබූ මෙම හක්බෙල්ලන් තොගය මෙලෙස සොයා ගෙන ඇති අතර, නාවික හමුදාව සොයා ගන්නා ලද හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, ධිවර හා ජලජ සම්පත් පනතට අනුව මිලි මීටර් 70 ට වඩා අඩු විශ්කම්භයකින් යුතු හක්බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු ආසියාවේ විද්යුත් මාර්ගෝපදේශනය

Mohamed Dilsad

ත්‍රිකුණාමලයේ තවත් ඩෙංගු මරණයක්,රෝග මර්ධනයට සහයකයින් 100 දෙනෙකු අද සිට

Mohamed Dilsad

ආර්. සම්බන්ධන් රෝහල්ගත කෙරෙයි..

Mohamed Dilsad

Leave a Comment