ක්‍රීඩා

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජනපතිගෙන් උපරිම සහය

(උදයම්, කොළඹ) – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක‍්‍රීඩකයින් සහ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නිලධාරින් පිරිසක් පසුගියදා කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.

සියලුදෙනා සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.

පසුගිය වසර දෙකක කාලය තුළ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ලබාගෙන ඇති ජයග‍්‍රහණයන් පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා මෙහිදී අදහස් දැක්වූහ.

විශේෂයෙන්ම කි‍්‍රකට් කී‍්‍රඩාවේ උන්නතිය වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැක්වූ දායකත්වය ද මෙහිදී කෘතවේදීව සිහිපත් කෙරිණි.

පැමිණ සිටි පිරිස වෙත රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් පිරිනැමූ ජනාධිපතිතුමා 2016 සහ 2017 වසර තුළ පැවති ක‍්‍රිකට් තරගවලදී ජයග‍්‍රහණය හිමිකරගත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මේ අවස්ථාවට ආසියානු ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපති Shaharyar M. Khan බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමාත්‍ය Nazmul Hassan සහ එහි විධායක නිලධාරී Nizam Uddin Chowdhury යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් රැසක් ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වී සිටියහ.

Related posts

ක්‍රීඩා පාසල් ආශ්‍රිත සම්මුඛ පරීක්ෂණ කල්යයි

Mohamed Dilsad

ඉදිරි තරඟය ගැන එංගලන්ත නායකයාගේ අදහස

Mohamed Dilsad

ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට – එංගලන්තයට එරෙහි එක්දින සංචිතයෙන් මැතිව්ස් ඉවතට

Mohamed Dilsad

Leave a Comment