ප්‍රමුඛ පුවත 1

හෙට සිට කෝප් කමිටුවේ දොර මාධ්‍යට ඇරෙයි

(UTV| කොළඹ) – හෙට (09) දිනයේ සිට කෝප් කමිටුව ඇතුළු ආංශික අධීක්ෂණ කාරක සභා කමිටුව මාධ්‍යයට විවෘත කිරීමට තීරණය කර තිබෙන බව කථානායකවරයා පවසයි.

කථානායකවරයා අද(08) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ  හෙට සවස 2.30ට කමිටුව රැස්වෙන අවස්ථාවේ සිට එහි වැඩකටයුතු මාධ්‍යයට විවෘත වනු ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද සහ බලතල පනත යටතේ අදාළ සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව කෝප් කමිටුවේ විමර්ශන කටයුතු සියල්ල ඉදිරියේ දී මාධ්‍යයට ලබා දීමට මෙයින් අවසර හිමිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද

Mohamed Dilsad

අධිවේගයේ අනතුරකින් විදේශිකයන් 3ක් මරුට

Mohamed Dilsad

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment