ප්‍රමුඛ පුවත 1

කඳුකරයේ මීදුම නිසා රියදුරන්ට දැනුම් දීමක්

(UTV|නුවරඑළිය) –  මධ්‍යම කඳුකරය පුරා අද(08) අළුයම සිට පවතින දැඩි අයහපත් කාලගුණයත් සමඟම ප්‍රදේශය පුරා ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථවාහන ගමනා ගමනයේදී සැලකිලිමත් වන දෙස රියදුරන්ට පොලිසිය දැනුම් දෙයි.

අද උදෑසන සිට හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත්, හැටන් මස්කෙලිය බගවන්තලාව මාර්ගයේත් අවට අතුරු මාර්ගවලත් ගිනිගත්හේන නොටන්බ්‍රිජ් මාර්ගයේත් මෙම ඝන මිදුම් තත්ත්වය පවතින බව වාර්තා වේ.

ඉදිරියට ධාවනය වන වාහනය නොපෙනෙන සේ මෙම ඝන මීදුම් තත්ත්වය පැවතිම නිසා එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස ඉවසිමෙන් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම ඝන මිදුම් තත්ත්වයත් සමග මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල අධිත සුළං තත්ත්වයක් සහ කඩින් කඩ අධික වර්ෂාව පතිත වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නෙළුම් කුළුණ අද විවෘත කෙරේ[VIDEO]

Mohamed Dilsad

දෙහිවල රජයේ බැංකුවක ගින්නක්

Mohamed Dilsad

ඉන්ධන මිල ඉහළට.

Mohamed Dilsad

Leave a Comment