ප්‍රමුඛ පුවත 1

දඹුල්ල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

(UTV| දඹුල්ල) – දඹුල්ල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කඩුවක්ද සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ පුද්ගලයෙකුට කඩුවකින් කොටා බරපතළ තුවාල සිදුකර කිරීමේ සිද්ධියකට අදාලවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල පොහොරන්වැව වසමේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අනුර බණ්ඩාරය.

අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා අද අලුයම තුවාල ලබා සිටින පුද්ගලයාගේ ව්‍යාපාරික ස්ථානයට ගොස් කඩුවකින් පහර දී ඇත.

මෙලෙස පහර කෑමට ලක්ව දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන්නේ ජලාශ පාර ප්‍රදේශයේ පදිංචි නලීන් ජයරත්න පෙරේරා (35) නැමැති අයෙකි.

මේ සම්බන්ධයෙන් සිදු කල විමර්ශන වලදී අනාවරනය වී ඇත්තේ දෙපිරිසක් අතර පැවති පවුල් ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මුලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දෙහැවිරිදි දැරියක් මරුට

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් කාන්තාවක මරුට

Mohamed Dilsad

පෞද්ගලික බහලුම් සේවකන් තවදුරටත් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment