ක්‍රීඩා

ලියොනාල් මෙසීට මාස 3ක ජාත්‍යන්තර තරඟ තහනමක්

(UTV| කොළඹ) – ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියොනාල් මෙසීට දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය විසින් මාස 3ක ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ, දකුණු ඇමරිකානු ‘කෝපා ඇමරිකා’ පාපන්දු කුසලානයේ  තරග පාවාදීම් සිදුවූ බවට ඔහු කළ චෝදනාවකට අදාලවයි.

පසුගිය පැවැත්වූ තරගාවලියේදී ආජන්ටිනාව චිලී දේශය පරදවා තුන් වන ස්ථානයට පත්වූ අතර, මෙසී රතු කාඞ්පතක් පෙන්වා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු කටයුතු කළේය.

පසුව මෙසී ප්‍රකාශ කර තිබුණේ මෙම තරගාවලිය බ්‍රසීලයට ජයග්‍රහණය ලබා ගැනීම සඳහා සකසා තිබූ බවයි.

ඒ හේතුවෙන් දකුණු අමෙරිකා පාපන්දු ෆෙඩරේෂනය විසින් ඔහුට ඇමරිකානු ඩොලර් 50,000 දඩයක්ද පනවා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුගතදාස පිටියේ වට 5ක් දිව යාමේ අභියෝගයක්

Mohamed Dilsad

පළමු එක්දින තරඟයෙන් ඉන්දියාවට පහසු ජයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ තුන්වන දිනය

Mohamed Dilsad

Leave a Comment