ප්‍රමුඛ පුවත 1

දිවුලපිටියේ මත්පැන් විෂවීමක් හේතුවෙන් පුද්ගලයින් 6ක් රෝහලට

(UTV| කොළඹ) – දිවුලපිටිය ප්‍රදේශයේ මත්පැන් විෂවීමක් හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ඊයේ (02) රෝහල් ගත වී තිබේ.

එම ප්‍රදේශයේ පදිංචි 42,  සහ 52 යන වයස්වල පසුවන මෙම පුද්ගලයින් 6 දෙනා වමනය සහ ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ හේතුවෙන් මෙලෙස දිවුලපිටිය රෝහලට ඇතුළත් වී ඇත්තේ.

දිවුලපිටිය රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ ඉන් තුන් දෙනෙකු ගම්පහ රෝහලටත්, එක් පුද්ගලයෙකු රාගම රෝහලටත් මාරු කර යැවූ බවයි.

කෙසේ වෙතත් ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තුන් දෙනා මත්පැන් විෂවීමක් හේතුවෙන් මෙම රෝග ලක්ෂණ ඇති වී තිබේ ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බව රෝහල් ප්‍රකාශිකාවක කියා සිටියේ.

පොලීසිය සැක පළ කරන්නේ බාදුරාගොඩ ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයකින් එම මත්පැන් පානය කිරීම හේතුවෙන් මොවුන් මෙලෙස රෝහල් ගත වූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රහාරයෙන් පසු ශැංග්‍රිලා යලි විවෘත කරයි

Mohamed Dilsad

අමරදේව ශූරීන් අනුස්මරණය වෙනුවෙන් උදා ගම්මාන 25ක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීරණය සැප්තැම්බර් මුලදී

Mohamed Dilsad

Leave a Comment