ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ් මන්නාරම අගරදගුරුතුමන් බැහැ දකී

(UTV|මන්නාරම) – මන්නාරම අගරදගුරු, ෆෙටලිස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතර හමුවක් ඊයේ (01) පැවැත්විණ.

එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයන් කතෝලික ජනතාවට සිදුවූ විපත පිළිබඳව සිය කණගාටුව පළ කිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය. ත්‍රස්තවාදය කිසි විටක අනුමත නොකරන බවත්, ත්‍රස්තවාදය විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට සහය පළ කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එම අවස්ථාවට ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන්, මාන්තෙයි බටහිර ප්‍රාදේශීය සභාවේ සභාපති සන්තියෝග් සහ මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. මුජාහීර් යන මහත්වරු ද සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට යලිත් දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

වරාය නගර ව්‍යාපෘතිය සඳහා මුහුද හෙක්ටයාර් 160ක් ගොඩකිරීමට යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment