ප්‍රමුඛ පුවත 1

ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – නුගේගොඩ – ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී පසුගිය 28 වනදා ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් ව්‍යාපාරිකයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබලදීමට අදාළව සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

39 හැවිරිදි මෙම සැකකරු නුගේගොඩ – ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සිදුකිරීමට පැමිණි පුද්ගලයින් පැළද ආ හිස් වැසුම් දෙක ද සොයාගෙන තිබේ.

අදාළ සිද්ධියෙන් එක් ව්‍යාපාරිකයෙකු මිය ගිය අතර අනෙක් ව්‍යාපාරිකයා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන 22 වනදා වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට ඇරඹේ

Mohamed Dilsad

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment