ප්‍රමුඛ පුවත 1

බෞද්ධාලෝක මාවතේ විශේෂ රථ වාහන සැලැස්මක් අද සිට

(UTV| කොළඹ) –  බෞද්ධාලෝක මාවතේ, ස්ටැන්ලි විජේසුන්දර මාවත මං සන්ධියේ සිට තුම්මුල්ල වට රවුම දක්වා අද (26) සිට ඔක්තෝම්බර් 25 දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

කොළඹ මහනගර සභාව සිදුකරන කැණීම් කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්ක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මීට මාර්ගයක් ලෙස තුම්මුල්ල වටරවුමෙන් බෞද්ධාලෝක මාවතට ඇතුළු වන වාහනවලට තර්ස්ටන් මාර්ගයෙන්, නිදහස් වටරවුමෙන්, පිලිප් ගුණවර්ධන මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවත හරහා බෞද්ධාලෝක මාවතට පිවිසිය හැකි බවත් පොලිසිය රියදුරන් වෙත දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

Mohamed Dilsad

ජනාධිපතිවරණයට ඇප මුදල් භාරගැනිම අද සිට

Mohamed Dilsad

නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසට ජනපති නිදහස් සැමරුම් උළෙල අමතමින් කියයි

Mohamed Dilsad

Leave a Comment