ප්‍රමුඛ පුවත 1

බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ කසල කන්ටේනරය ගැන රස පරීක්‍ෂණයක්

(UTV| කොළඹ) – බ්‍රිතාන්‍යයෙන් මෙරටට රැගෙනවිත් ඇති කසළවල මිනිස් සිරුරු කොටස් ඇතුලූ සායනික ද්‍රව්‍ය තිබේද යන්න සෙවීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබේ.

මේ වනවිට කොළඹ වරායේ පවතින කසළ බහාලූම් තුළින් දැඩි දුර්ගන්ධයක් වහනය වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මෙට්ට සෑදීමට බව පවසමින් මෙරටට රැගෙන ආ කන්ටේනරයක මෙම කසළ තොගය තිබී ඇති අතර ඉන් කොටසක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පෞද්ගලික සමාගමට අයත් භූමියක තැන්පත් කර තිබේ.

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව එය පවත්වාගෙන ගොස් ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රිතාන්‍යය ද බාසෙල් සම්මුතියට අත්සන් තබා ඇත.

එසේ තිබියදී බ්‍රිතාන්‍යයේ කසල මෙරටට එවීම සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේ පිහිටි බාසෙල් ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කළ බවද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනාධිපතිට භාරදෙයි

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

රුපියල තවත් පහළට

Mohamed Dilsad

Leave a Comment