ප්‍රමුඛ පුවත 1

විශේෂ තේරීම් කාරක සභාව අදත් රැස්වේ

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන විශේෂ තේරීම් කාරක සභාව අද පෙරවරු 10 ට පාර්ලිමේන්තුවේදී යළි රැස්වේ.

එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ අද(25) දිනයේදීත් සාක්ෂි විමසීම සඳහා පස් දෙනෙකු කැඳවන බවයි.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, විශ්‍රාමික මේජර් ජෙනරාල් ලාල් පෙරේරා සහ බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ ඩිලන්ත විතානගේ මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතය.

ඊයේ දිනයේදි තේරීම් කාරක සභාව හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ මූලධර්ම හා අන්තවාදී විමර්ශන අංශය භාර පොලිස් පරීක්ෂක තරංග පතිරණ සාක්ෂි ලබාදුන්නේය.

මීර පෙර පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මෙම කාරක සභාව හමුවට කැදවන ලදී .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට තම පක්ෂය සූදානම් [VIDEO]

Mohamed Dilsad

අලි රොෂාන් ඇතුළු 7 කට සිතාසි

Mohamed Dilsad

Leave a Comment