ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාර බුද්ධි අංශය ශක්තිමත් කිරීමට නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

(UTV| කොළඹ) – බන්ධනාගාර බුද්ධි අංශය ශක්තිමත් කිරීම සඳහා විදෙස් ජාතිකයෙකු යටතේ නිලධාරීන්ට අතිරේක පුහුණුවක් ලබාදීමට සුදානම් වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ රටවල් කිහිපයක බන්ධනාගාර සම්බන්ධයෙන් අත්දැකීම් ඇති ස්වීඩන් ජාතිකයෙකු  මේ සඳහා තෝරාගෙන ඇති බවයි.

බන්ධනාගාරවල සිදුවන නීතිවිරෝධී කි‍්‍රයා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට සහ තොරතුරු ඔස්සේ නීතිවිරෝධී කි‍්‍රයා අනාවරණ කර ගැනීමට බුද්ධි අංශ නිලධාරීන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න මෙහිදී  බන්ධනගාර නිලධාරීන්ට  පුහුණුවක් ලබා දීමට නියමතය.

මෙහි නියමු ව්‍යාපෘති දෙකක් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය සහ බූස්ස බන්ධනාගාරය වල සිදුකිරීමට නියමිත බව බන්ධනගාර දෙපාර්තමේන්තුව පැවසීය.

බුද්ධි අංශ නිලධාරීන්ට අමතරව එම බන්ධනාගාර දෙකෙහි නිලධාරීන්ද පුහුණුව සඳහා සහභාගි කරවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සුදානමින් සිටියි.

පුහුණුවීම් ලබන මාසයේ ආරම්භ කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොදුජන පෙරමුණේ නායකත්වය මහින්දට

Mohamed Dilsad

දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ තහනම් කරයි

Mohamed Dilsad

මහනුවර ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

Mohamed Dilsad

Leave a Comment