ප්‍රමුඛ පුවත 1

පුජීත්ට සහ හේමසිරිගේ එරෙහි පෙත්සම ලබන මසට කල් තැබේ.

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය යළි සලකා බැලීම අගෝස්තු මස 01 වැනිදා දක්වා කල් තැබිමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අද ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය සලකා බැලීමේ අවස්ථාවට පැමිණ සිටි බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීම නීතිවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික බව සඳහන් කරමින් නීතිපතිවරයා මෙම ප්‍රතිශෝධන අයදුම්පත්‍රය ගොනු කරනු ලැබුවේ පසුගිය 18 වැනිදාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුතු කුමාරි දුම්රිය කාර්මික දෝෂයකට ලක් වෙයි

Mohamed Dilsad

කේරළ ගංජා කිලෝග්‍රෑම් 245 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලබන වසරේ සිට නව විදේශ ගමන් බලපත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment