ප්‍රමුඛ පුවත 1

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු මහේස්ත්‍රාත් අධිකරණයට

(UTV| කොළඹ) – අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (22) පැමිණ තිබේ.

ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරිම සහ වගකීමෙන් බැහැර වී සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අනුබල දීමේ චෝදනාව මත පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහායි.

අත්අඩංගුවට ගැනුනු මොවුන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබුවේ පසුගිය 9 වනදා වන අතර මෙම ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධිත අයදුම්පතක්ද ගොනුකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“කෘෂි ,ධීවර ඇතුළු ක්‍ෂේත්‍ර රැසක පර්යේෂණ සඳහා ප්‍රතිපාදන ලබා දීමට සුදානම්”-ජනපති කියයි

Mohamed Dilsad

සහරාන් සමඟ පුහුණුවීම් ලැබූ පුද්ගලයින් 64 දෙනා යලි රිමාන්ඩ්

Mohamed Dilsad

පළමු පාසැල් වාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment