ප්‍රමුඛ පුවත 1

ඉදිරි පැය 24 දී මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

 

(UTV | කොළඹ) – පුත්තලම, සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි පැය 24 ක කාලය තුළදී පැයට කිලෝමීටර 60 – 70 ත් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල ද රළ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ තත්ත්වය හේතුවෙන් තවදුරටත් ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙසත් , ධීවර කටයුතු සදහා මුහුදු නොයන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

Related posts

පාර්ලිමේන්තු සංකීර්ණය භූමියේ පැවරුම් සහතික පිරිනැමීමට සුදානම්

Mohamed Dilsad

නව පක්‍ෂය සඳහා අනුමැතිය ගැනීමේ යෝජනාව අනිද්දා කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Mohamed Dilsad

රජයේ අමාත්‍යංශවලට අයත් විෂයන් ගැසට් කරයි

Mohamed Dilsad

Leave a Comment