ප්‍රමුඛ පුවත 1

ඉදිරි පැය 24 දී මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

 

(UTV | කොළඹ) – පුත්තලම, සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි පැය 24 ක කාලය තුළදී පැයට කිලෝමීටර 60 – 70 ත් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල ද රළ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ තත්ත්වය හේතුවෙන් තවදුරටත් ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙසත් , ධීවර කටයුතු සදහා මුහුදු නොයන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

Related posts

දුම්රියක මැදිරි වෙන් වෙයි

Mohamed Dilsad

ප්‍රියානි ජයසිංහ ඝාතනයේ සුලමුල හෙළි වෙයි

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment