ප්‍රමුඛ පුවත 1

“ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට සුදානමක් නෑ”විෂය භාර ඇමති කියයි

(උදයම්,කොළඹ)  – මෙරට රජය බාරයේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට තීරණය කර ඇති බවට පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
2015 වසරේ සිට මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා රජය බාරයට ගැනුණි.
ඒ අනුව මේ වන විට යාත්‍රා 130 කට ආසන්න සංඛ්‍යාවක් රජය භාරයේ පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
තමිල්නාඩු දේශපාලනඥයින් විසින් එම ධීවර යාත්‍රා නිදහස් කරන ලෙස ඉන්දීය මධ්‍යම රජයට වරින් වර බලපෑම් එල්ල කළද ශ්‍රී ලංකා රජය එම යාත්‍රා  නිදහස් කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැත.
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව සිදු කරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

Related posts

මරදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සැමරේ

Mohamed Dilsad

පස්වරුවේ බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

දුමින්ද දිසානායක ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට

Mohamed Dilsad

Leave a Comment