විදෙස්

උතුරු කොරියාව තවත් රොකට් එන්ජිමක් අත්හදා බලයි

(උදයම්,උතුරු- කොරියාව)  – අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ උතුරු කොරියාව තවත් රොකට් එන්ජිමක් අත්හදා බලයි.
උතුරු කොරියානු නායක කිම් ජොං අං ගේ අධීක්ෂණයෙන් පසුගිය සිකුරාදා ටොන්චැංරි රොකට් විහිදුම් මධ්‍යස්ථානයේදී මෙම අත්හදා බැලීම සිදුකර ඇති බව ඇමරිකාව පවසා තිබේ.මෙය න්‍යෂ්ටික අවි දිගු දුර ඉලක්ක වෙත එල්ල කළ හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.
උතුරු කොරියානු බැලිස්ටික් මිසයිල වැඩසටහන සම්පුර්ණයෙන්ම සංවර්ධන කළ විට කිලෝමීටර් 5500ත්-10,000ත් අතර දුරකට න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි වේ. එමගින් ඇමරිකාවට ඍජු තර්ජනයක් එල්ල කළ හැකි වනු ඇති බවද විචාරකයෝ පවසති.
කෙසේ වෙතත් උතුරු කොරියාව සිදුකරන න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් එරටට විරුද්ධව ජගත් සංවිධානය සහ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් දැඩි සම්බාධක පනවනු ලැබුවා

Related posts

රටවල් කීපයක් ඉහළින් ගුවන් යානා පියාසර කිරීම ඇමරිකාව අත්හිටුවයි

Mohamed Dilsad

මාලි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 22 ක් මරුට

Mohamed Dilsad

නව පුරවැසි පනතට එරෙහිව පැවති විරෝධතාවලින් 6ක් මරුට

Mohamed Dilsad

Leave a Comment