ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරීන් අට දෙනෙකුට ස්ථාන මාරුවීම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

(UTV| කොළඹ) – ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතා මත අද (12) පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

පොලිස් අධිකාරී ඩබ්.කේ.ජේ.ආර්. ඩයස් මහතා කොළඹ දකුණ සිට කැලණිය කොට්ඨාස බාර නිලධාරියා ලෙස.

පොලිස් අධිකාරී පී.ඒ.ඩී.පී. විජේරත්න මහතා රත්නපුර කොට්ඨාසයේ සිට ඇඹිලිපිටිය නව කොට්ඨාස බාර නිලධාරියා ලෙස.

පොලිස් අධිකාරී ඩබ්.පී.ඩී.ඊ. සිල්වා ජයසිංහ මහතා නුගේගොඩ කොට්ඨාසයේ සිට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස‍.

පොලිස් අධිකාරී කේ.කේ. අයි. ද සිල්වා මහතා ගම්පහ කොට්ඨාසයේ සිට බස්නාහිර පළාත දකුණ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස.

පොලිස් අධිකාරී ආර්.පී.ජී.බී. ගුණතිලක මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සිට කුරුණෑගල කොට්ඨාසය වෙත.

සහකාර පොලිස් අධිකාරී කේ.ඒ. පෙරේරා මහතා නුගේගොඩ කොට්ඨාසයේ (රථවාහන) සිට එම කොට්ඨාසයේම දිස්ත්‍රික් බාර නිලධාරියා ලෙස.

සහකාර පොලිස් අධිකාරී ආර්.එන්. පෙරේරා මහතා මාතර කොට්ඨාසයේ සිට නව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත.

පොලිස් පරීක්ෂක එන්.ඒ. ගුණවර්ධන මහතා බකමූණ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට කොක්කඩිචෝලේ ස්ථානාධිපති ලෙස.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ-කටුනායක අධිවේගී පිවිසුම වැසේ

Mohamed Dilsad

මහේෂ් සේනානායක ශ්‍රී දළදා මාළිගය වැද පුදා ගනී

Mohamed Dilsad

කළුතර වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන වෑන්රථ 2ක්

Mohamed Dilsad

Leave a Comment