ප්‍රමුඛ පුවත 1

වලදමා තිබු අත්බෝම්බ තොගයක් ගොඩ ගනී

(උදයම්,මුලතිව්) – මුලතිව් පුදුකුඩිඉරිප්පු නෙත්තලිආරු ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී අත්බෝම්බ සහ බෝම්බ ෆියුස් තොගයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

ඊයේ (27) කිලිනොච්චි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත සිදුකල සෝදිසි මෙහෙයුමක දී උරයක දමා තිබූ අත්බෝම්බ 14ක් සහ ෆියුස් 12ක් මෙලෙස සොයා ගෙන තිබේ.

එම බෝම්බ පොලිස් විශේෂ කාර්යය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

මේවා යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වලදමන්නට ඇති බවට සැක කරන බව පොලිසිය පවසයි.

Related posts

පාර්ලිමේන්තුවේ කටයුතු යළි තාවකාලිකව නවතී

Mohamed Dilsad

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රුසියන් තානාපති හමුවෙයි

Mohamed Dilsad

විජේරාමය ප්‍රදේශයේ පිහිටි සම් භාණ්ඩ අලෙවි සැලක් ගිනිගෙන විනාශයි

Mohamed Dilsad

Leave a Comment