ප්‍රමුඛ පුවත 1

රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමේ

(UTV|මාතර) – අද(10) පස්වරු 4 සිට දින නියමයක් නොමැතිව රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරීය තීරණය කර තිබේ.

ඊයේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් ඊයේ(09) ගැටුමක් හටගත් අතර ගැටුමෙන් තුවාල ලැබු සිසුන් 10දෙනෙකු, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෙකු සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙකු මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ අතර එම විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයෝ  අද දිනයේ සියලු සේවා කටයුතු වලින් ඉවත්වුහ.

එමෙන්ම විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබේ.

ගැටුම හේතුවෙන් ඊයේ රාත්‍රී විශ්වවිද්‍යාල පරිශ්‍රෙය් ආරක්ෂාව දැඩි කිරිමට පියවර ගැණුනු අතර පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් ද යොදවා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අදයි.

Mohamed Dilsad

එජාපයේ විරෝධතාවයෙන් පුරහල අවට දැඩි තදබදයක්

Mohamed Dilsad

කෝටියකට අධික හෙරොයින් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment