ප්‍රමුඛ පුවත 1

ආරක්ෂක සහයෝගිතාව වර්ධනයට මැලේසියා-ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යවරු අතර සාකච්ඡා

(උදයම්,කොළඹ) – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ මැලේසියානු ආරක්ෂක අමාත්‍ය ඩාටෝ සෙරි නිෂාමුදින් මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණ.
දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කර ගැනිමට අදාල කරුණු පිළිබඳ එහිදී සාකච්ඡා කළ බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
එහිදී රුවන් විජේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ දකුණු ආසියානු කලාපයේ රාජ්‍යයක් ලෙස මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලින මිත්‍රත්වය ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කරගැනිමට වැදගත් වනු ඇති බවයි.
අග්නිදිග ආසියාවේ විශාලතම නාවික හා ගඟන ප්‍රදර්ශනයට සහභාගීවිම සදහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මැලේසියාවට පිටත්ව ගොස් ඇති අතර එහිදී මෙම සාකච්ඡාව සිදු වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද CID යට

Mohamed Dilsad

විමසිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් උපදෙස්

Mohamed Dilsad

හෙට සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

Mohamed Dilsad

Leave a Comment