Trending News

රුසියානු ජනාධිපතිගෙන් මෙරට ජනපතිට සුවිශේෂී තිළිණයක්

(උදයම්,රුසියාව) – රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා අතර නිල හමුව ඊයේ(23) පස්වරුවේ සිදු වූ අතර එම හමුවේ විශේෂ මතක සැමරුමක් ලෙස ව්ලැඞ්මිර් පුටින් මහතාගෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සුවිශේෂී තිළිණයක් පිරිනැමිණි.

19 වන සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්තානයක් මෙලෙස ව්ලැඞ්මිර් පුටින් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර 1906 දී පමණ එංගලන්තය වෙත රැුගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති Sotheby නම් කෞතුක භාණ්ඩ වෙන්දේසියේදී රුසියාව මිලදී ගෙන තිබේ. දෙරට අතර සමීප සබ`දතාවය සංකේතවත් කරමින් එම ඓතිහාසික කස්තානය ජනාධිපති වැල්ඩිමිර් පුටින් මහතා විසින් ශී‍්‍ර ලංකා ජනාධිපතිතුමා වෙත මෙලෙස පිළිගන්වනු ලැබීය.

 

Related posts

සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

Editor O

Sri Lanka complete sweep of Bangladesh

Mohamed Dilsad

Mangala assures prompt solution for war hero pensions

Mohamed Dilsad

Leave a Comment