විදෙස්

ජනපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා හමුවෙයි

(UTV| ඇමෙරිකාව)  –  ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, අද උතුරු කොරියානු නායක කිම් ජොං අන් මුණගැසී තිබේ.

ඒ කොරියානු රාජ්‍යන් දෙක අතර දේශසීමාවේ පිහිටි යුද මුක්ත කලාපයේදීය.

ඇමරිකානු ජනාධිපතිවරයෙකු උතුරු කොරියානු භූමියට සම්ප්‍රාප්ත වූ ප්‍රථම අවස්ථාව මෙයයි

මුලින්ම එකිනෙකාට අතට අත දී සුහදත්වය පළ කර ඇති අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා සුළු වේලාවකට දේශසීමාව තරණය කර උතුරු කොරියානු භූමියට පිවිස තිබේ.

දෙදෙනාගේ මෙම හමුව ලොව පුරා මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස විකාශය කෙරුණි.

ඉන් අනතුරුව ජනපති ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර පැවති සාකච්ඡාවේදී උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරය වෙත පැමිණෙන ලෙස ආරාධනාවක් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

ඇමරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි.

Mohamed Dilsad

ජපානයේ භූ කම්පනයක්

Mohamed Dilsad

Leave a Comment