ප්‍රමුඛ පුවත 1

හිටපු ඇමති රිෂාඩ් කිසිම විටෙක බලපෑමක් කලේ නෑ – හමුදාපතිවරයා තේරීම් කාරක සභාව හමුවේ කියයි(වීඩියෝ)

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පළමුව සාක්ෂි ලබාදීමට යුධ හමුදාධීපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැමිණියේය.

එහිදී යුද්ධහමුදාපතිවරයා පැවසුවේ…

“අප්‍රේල් මාස 26 වැනිදා ඉෂාන් අහමඩ් කියලා පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තා. දෙහිවල ප්‍රදේශයේදී ඒ අවස්ථාවේදි මට ඇත්ත වශයෙන්ම මතක නෑ. එදාමද ඊට පස්සේ දවසේද කියන එක. ගරු රිෂාඩ් බදියුදීන් ඇමතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා”.

“මගේ අංකය සෑම කෙනෙක්ම දන්නවා. ඇමතිතුමා මම අඳුනනවා.මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගරු මන්ත්‍රීවරුන් මම බොහෝ දෙනෙක්ව යුධ හමුදාපති හැටියට දන්නවා.රටේ ජනතාවත් දන්නවා ඒ නිසා ඒ අය පෞද්ගලිකව මට කථා කරනවා”.

“මේ සිද්ධිය පමණක් නෙවෙයි වෙන දෙවල් වලටත් මාත් එක්ක කතා කරලා තියනවා. එදින එතුමා මගෙන් කථා කරලා ඇහැව්වා මේ කියන පුද්ගලයගේ නම අහලා අත්අඩංගුවට ගත්තද  කියලා. ඒ අවස්ථාවේදි මම කිව්වා එහෙම කියන්න දන්නේ නෑ.විශාල ක්‍රියාන්විත රට පුරාම සිදුවෙනවා.මම ඒ ගැන සොයා බලා ඔබ වෙත දැනුවත් කරන්නම් කියලා. ඒ වේලාවේ ගියපු විදියට ඊට පස්සේ දෙවැනි වතාවේත් මට කථා කරාම මම කිව්වා තවමත් මම සොයනවා, මට උත්තරයක් මේ වේලවේ දෙන්න බෑ කියලා. ඒ අවස්ථාවේදි මම යුධ හමුදාවේ බුද්ධි අංශය වෙතින් අහලා තහවුරු කර ගත්තා මෙවැනි පුද්ගලයෙක් අත්අඩංගුවේ ඉන්න බව.පසුව මම ඇමතිතුමා මට කතා කරලා කිව්වා මේ මගේ හිතවත් උසස් නිලධාරියෙක්ගේ පුතෙක් මේ අත්අඩංගුවට අරගෙන ඉන්නේ බලන්න මොකද්ද කරන්න පුළුවන් කියලා”.

“ඒ අවස්ථාවේ මම කිව්වා මේ කෝල් එක මට අවුරුදු එකහමාරකින් දෙන්න කියලා”.

“මම දැනුත් කියනවා ඇමතිතුමා මට කිසිම වෙලාවක බලපෑමක් කළේ නෑ කියලා”.

“ඇමතිතුමා විතරක් නෙමෙයි කිසිම කෙනෙකු මේ දක්වා මට හෝ යුද්ධ හමුදාවට කිසිදු බලපෑමක් කරලා නෑ”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂ 70 කට අධික මත් පෙති තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

එස්.බී සහ ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වයට

Mohamed Dilsad

තංගල්ල රෝහලේ සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment