ප්‍රමුඛ පුවත 1

දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දුම්වැටි තොගය ඩුබායි සිට මෙරටට රැගෙනවිත් ඇති බව අනාවරණය වී තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසුවේ ගමන් මළුවල සඟවා රැගෙන විත් තිබූ රුපියල් 53 ලක්ෂ 13,000 ක් වටිනා දුම්වැටි 96,600 ක් අඩංගු කාටුන් 483 ක් සොයාගත් බවයි.

සැකකරුවන් වෙන්නප්පුව සහ හලාවත ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන  අතර අඹු සැමි යුවලක් සහ අවුරුදු 2 ක් වයසැති කුඩා දියණියක් ද මෙහිදී පොලිසිය භාරයට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ පෙත්සම අධිකරණය පිළිගනී

Mohamed Dilsad

තරුණ වරදකරුවන් පිළිබඳ ආඥා පනතට අනුමැතිය

Mohamed Dilsad

විදේශිකයින්ට ලංකාවේ ඉඩම් විකුණන සිතියම ඇන්දේ රාජපක්ෂ පාලන සමයේ දී – ඇමති සාගල කියයි

Mohamed Dilsad

Leave a Comment