ප්‍රමුඛ පුවත 1

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයන් 8,000 ක් පිටුවහල් කිරීමට පියවර

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දිවයිනේ වීසා බලපත් නොමැති විදේශිකයන් පිළිබඳව දෙපාර්තමේන්තුවේ බුද්ධි ඒකකය සිදුකළ කරුණු එක්රැස් කිරීම්වලදී වලංගු වීසා බලපත් නොමැතිව මෙරට රැඳී සිටින 8,000 කට ආසන්න විදේශිකයන් සොයාගෙන ඇති අතර , ඒ සියලුදෙනා එක් ස්ථානයක රඳවා තැබීමටත්, ඉන් අනතුරුව පිටුවහල් කිරීමටත් කටයුතු කෙරෙනු ඇත.

සංචාරක වීසා බලපත්වලින් දිවයිනට පැමිණ ඔවුන් ඇතමෙක් මෙරට ඉදිකිරීම් වැඩබිම්, අවන් හල්, ගොවිපල ආදියේ සේවයේ නිරතව සිටින අතර, ඇතමුන් ව්‍යාපාරික කටයුතුවලද නිරතවන බව වාර්තා වෙයි.

වැඩිම පිරිසක් එනම් 1680 ක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, පාකිස්ථානයෙන් 936 ක්, චීනයෙන් 683 ක්, මාලදිවයිනෙන් 291 ක්, බංග්ලාදේශයෙන් 152 ක් සහ ජපන් ජාතිකයන් හතලිස් දෙදෙනෙකුද වීසා කල් ඉකුත්වූ පිරිසට ඇතුළත්.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක පසන් රත්නායක මහතා පැවසුවේ මෙම පිරිස පිටුවහල් කිරීමට පෙර මිරිහාන රැඳවුම් කඳවුරේ ස්ථාන ගත කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම ඉදිරියේදී වීසා නිකුත් කිරීම සඳහා ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසියේ බුද්ධි අංශ තොරතුරු ලබාගැනීමටද පියවර ගනු ඇත.

Related posts

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සිදුවීම් ගැන විමල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

ස්විස් නිලධාරිනි අද අධිකරණයට

Mohamed Dilsad

යළි විෂය පථය වෙනස් වන අමාත්‍යංශය

Mohamed Dilsad

Leave a Comment