ප්‍රමුඛ පුවත 1

ලියාපදිංචි නොකළ දන්සැල් 242 ක් හමුවෙයි.

(UTV| කොළඹ) – පොසොන් පොහොය නිමිත්තෙන් ලියාපදිංචි නොකර දන්සැල් පැවැත්වු අයට දැඩි ලෙස අවවාද කල බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මෙවර ලියාපදිංචි කර තිබු දන්සැල් සංඛ්‍යාව 7870 ක් වූ නමුත් දන්සල් 8112 ක් තම සාමාජිකයින් විසින් පරීක්ෂාවට ලක් කල බව එම සංගමයේ සභාපති මහජන සෞඛ්‍ය පරික්ෂක උපුල් රෝහණ මහතා සදහන් කළේය.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කලේ ලියාපදිංචි නොකර දන්සැල් පැවත්වු සංවිධායකයින්ට දැඩිව අවවාද කර ඒවා පවත්වාගෙන යාමට උපදෙස් දුන් බවයි.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකල පරීක්ෂාවේදි අනාවරණය වුයේ ලියාපදිංචි නොකල දන්සැල් 242 ක් තිබු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක්

Mohamed Dilsad

උතුරු පළාත් ලංගම සේවකයෝ වැඩ වරති.

Mohamed Dilsad

ධනංජය සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment