ප්‍රමුඛ පුවත 1

රාවණ 1 චන්ද්‍රිකාව අද කක්ෂගත කිරීමට සුදානම්

(UTV| කොළඹ) – මෙරට ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් නිර්මාණය කර දැනට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රඳවා ඇති රාවණ 1 චන්ද්‍රිකාව අද (17) කක්ෂගත කිරීමට නියමිතයි.

එම චන්ද්‍රිකාව මුදාහැරෙන්නේ පෘථිවියට කිලෝමීටර 400 ක් පමණ දුරින් පිහිටි කක්ෂය වෙතටයි.

ජපානයේද සහය ඇතිව නිර්මාණය කෙරුණු මෙම චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වන්නේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු වන දුලානි චාමිකා සිසුවිය සහ තරිඳු දයාරත්න සිසුවායි.

චන්ද්‍රිකාව අද දිනයේදී කක්ෂ ගත කිරීමෙන් පසු පෘථිවිය වටා දිනකදී වට 15 ක් භ්‍රමණය වන බවත් වේගය පැයට කිලෝමීටර 7 යි දශම 6 ක් වන බවත් වන අතර රාවණ 1 චන්ද්‍රිකාවේ ආයු කාලය වසර එකහමාරක් බවට අනුමාන කළද එය වසර 5 ක පමණ කාලයක් ක්‍රියාත්මක වනු ඇති බව විශ්වාස කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහෝදරත්වය සඳහා වූ බුද්ධිමය සංවාදය මහනුවරදී.

Mohamed Dilsad

රාගම කොල්ලයේ ප්‍රධාන සැකකරු ඇතුළු 5ක් අත්අඩංගුවට(වීඩියෝ)

Mohamed Dilsad

පාසල් සිසුවෙක් අතුරුදහන්

Mohamed Dilsad

Leave a Comment