ප්‍රමුඛ පුවත 1

ලංකාව ගැටුම්වලින් තොර සාමකාමී රටක් බවට පත් කිරීමට සිංගප්පූරුවෙන් පූර්ණ සහය

(UTV| කොළඹ) – ගැටුම්වලින් තොර නිදහස් හා සාමකාමී ප්‍රදේශයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය අගය කරන බවත්, ඒ සඳහා පූර්ණ සහය ලබා දීමට කටයුතු කරන බවත් සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් (Hon. K. Shanmugam) මහතා පවසයි.

ඊයේ (13) අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් (Hon. Vivian Balakrishnan) මහතා සමග පැවැත්වූ සාකච්ඡා වල සමාජ, ආර්ථික හා දේශපාලන කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

ගෝලීය ත්‍රස්තවාදය මැඬ පැවැත්වීමට හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් පිළිබඳව ගත යුතු සාමූහික පියවර සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණු අතර ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති චන්ද්‍රා දාස් මහතා ද මේ අවස්ථාවට එක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමන් දිසානායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

ගම්බද ජනතාව සජිත් සමඟයි – මනූෂ නානායක්කාර [VIDEO]

Mohamed Dilsad

අද සුළගේ වේගය ඉහලට

Mohamed Dilsad

Leave a Comment