විදෙස්

අරාබිකරයේ සතුටින්ම සිටින රට

(උදයම්,අරාබිය) – තෙවැනි වරටත් අරාබි කලාපයේ සතුටින්ම සිටින රට බවට පත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්ව තිබේ.

පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු එක්සත් ජාතීන්ගේ ලොව සතුටින්ම සිටින රටවල  2017 වාර්තාවෙන් මේ බව අනාවරණය විය.

එක්සත් අරාබි රාජ්‍යය මෙවර ස්ථාන අටක් ඉදිරියට පැමිණීම ද සුවිශේෂී තත්ත්වයකි.

ලෝක මට්ටමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 21වැනි ස්ථානය හිමිව තිබෙන අතර කටාර් රාජ්‍යයට 35 වැනි ස්ථානයත් සෞදි අරාබියට 37 වැනි ස්ථානයත් කුවෙට් රාජ්‍යයට 39 වැනි ස්ථානයත් බහරේනයට 41 වැනි ස්ථානයත් හිමි ව තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය අතින් ගෝලීයව ඉදිරියෙන්ම සිටින අතර ආර්ථික තෘප්තිමත්භාවය අතින් දෙවැනි තැනටත් පහසුකම් අතින් ගෝලීයව සිව්වැනි තැනටත් පත්ව තිබේ.

අනාගත ආර්ථික තත්ත්වය අතින් ද ගෝලීයව දෙවැනි තැනටත් ජීවත්වීමේ තත්ත්ව අතින් ගෝලීයව සිව්වැනි තැනට පත්වීමටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්ව ඇත.

Related posts

චීන ප්‍රබලයෙක් ලංකාවේ සංචාරයක

Mohamed Dilsad

මියන්මාර සන්නද්ධ කණ්ඩායමක් විසින් පරිගණක අපරාධ සඳහා යොදවා ගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Editor O

ඇලස්කාවත් දෙදරයි

Mohamed Dilsad

Leave a Comment