විදෙස්

හොංකොං විරෝධතා වැඩි වෙයි

(UTV| හොංකොං) – අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පුද්ගලයන් චීන මව් දේශයට පිටුවහල් කිරීමට එරෙහිව හොංකොං දිවයිනේ ආරම්භ කෙරුණු විරෝධතා රැල්ල මේ වන විට ඉතා විශාල ජන රැල්ලක් බවට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව නීතිය තුළින් දේශපාලන ප්‍රතිවාදීන් චීනයට පිටුවහල් කිරීමේ අවදානමක් පවතින බව පවසමින් හෙංකොං ජනයා විරෝධයේ නිරත වෙයි.

කෙසේ වෙතත්, අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයින් චීන මව් දේශයට පිටුවහල් කිරීම සඳහා ගෙන එනු ලැබූ යෝජනාව අද එරට පාර්ලිමේන්තුව තුළ විවාද කිරීමට නියමිතයි.

මෙම යෝජනාව බොහෝදුරට සම්මත වනු ඇති බවත් එරටින් ලැබෙන වාර්තා සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝ පුරා කොරෝනා මරණ 50,000 අභිබවා යයි

Mohamed Dilsad

ඉන්දීය අගමැතිට ජනපති ට්‍රම්ප්ගෙන් දුරකථන ඇමතුමක්

Mohamed Dilsad

කිම් ජොං අන් තවදුරටත් සාම සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment